ෂීක් ඒ. සි. අගාර් මොහොමඩ් (නලීම්)

සරලව ගත්කල —”ශ්‍රද්ධා” සැ දැහැවත් බව හඟවතත් එම වදන විවිධ අරුත් වෙත ඇදී යයි. ඉස්ලාම් දහමෙහි මෙම වදනට ආසන්නතම ලෙසින් දැක්විය හැක්කේ අරාබි වදන් බසින් කියවෙන “තක්වා” යන්නයි. මේ අනුව, ඡායාරූප ශිල්පය වැනි මිනිස් ලොවට අයත් කටයුත්තකට සැදැහැවත් බව කෙසේ ගැළැපේ දැ යි කෙනකුට සිතෙනු ඇත.

විවිධ මනුෂ්‍ය වර්ග පිළිබඳ ව සැලැකීමේ දී, මේ සියල්ලන් ම සමාන ලෙස සැලැකිය යුතු බවට ඉස්ලාමීය දහම අවධාරණය කරයි. දෙවියන් වහන්සේ වෙත ඛෙහෙවින් ළං වූ තැනැත්තා “තක්වා” හෙවත් සැදැහැවත් බවින් ඉහළ බවට සැලැකුම් ලබයි. මෙම සැදැහැවත් බව ඒ තැනැත්තාගේ හෝ තැනැත්තිය ගේ හෝ පරමාර්ථ ද ක්‍රියා පිළිවෙත් ද ඔස්සේ පැහැදිලි විය යුතු වෙයි. මේ අනුව, දෙවියන් වහන්සේ ගේ දෘෂ්ටියට හසු වන සේ ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔහු හෝ ඇය හෝ සමස්ත දිවියෙහි දී ම සැදැහැවත් බව පිළිබිඹු කළ යුතු වෙයි. එ මෙන් ම, සියලූ ආගම්, කවර ලෙසකින් හෝ ශ්‍රද්ධාව වඩවමින්, ඊට ඉහළම සැලැකිල්ලක් ලබා දෙන බවට විවාදයෙක් නැත. ආගම දැඩි ව අදහන්නවුන් සේ සැලැකෙන අය අතර ද, දැඩි ව පවතින ද්වේශයත්, වෛරයත්, ඉහවහා ගිය, කැළැඹිලි සහගත පරිසරයත් දැක්ක හැකි ය. ඒ අනුව, ආදරය, කරුණාව, ගුණවත් කම ආදී සාදු ගුණ එක් එක් මිනිස් වර්ගයා හා ජන කොටස් අතර වර්ධනය කරවීමෙහි ලා උනන්දුවන්නෝ මහත් වෙහෙසක් දරති.

එ මෙන් ම, රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ සැලකිය යුතු ප්‍රමාණයක ද, ශී්‍ර ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියා ව ඔස්සේ ජාතික ඒකාබද්ධතාවක් ඇති කිරීමෙහි ලා ප්‍රයන්තයෙක යෙදී ඇත. මෙහි ලා ඡායාරූපකරණ මාධ්‍යය ඔස්සේ ද ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටු කෙරෙනු ඇත.

මෙම පදනමෙහි පිහිටා සිදු කෙරෙන ඡායාරූප තරග හා ප්‍රදර්ශන ද, අගය එකතු කරන ඡායාරූපකරණයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන කදිම අවස්ථාවෙකි. අසභ්‍ය හා අශික්ෂිත චිත්‍ර ද, දිනපතා පුවත්පත් හා රූපවාහිනී සේවා ගිලගෙන පවත්නා අවදියක, සදාචාරය වර්ධනය කෙරෙන පරිසරයක් පතන සමහර අය මුළුමනින් ම වාගේ මාධ්‍ය ප්‍රතික්ෂේප කරති. කිසි දා අවහිරයෙන් තොරව, පවත්නා අවකාශය තව දුරටත් කිළිටි විය හැකි බැවින්, උක්ත දෑ ප්‍රතික්ෂේප කිරීම ද හිතකර නො වේ. ඊට හේතුව පවත්නා අවකාශය කිසිදු බාධාවෙකින් තොරව තව දුරටත් දූෂ්‍ය කළ හැකි බැවිනි.

එ මෙන්ම, හුදු ඡායාරූපකරණයත්, නිසරු චිත්‍රත්, වීඩියෝ දර්ශනත් ප්‍රදර්ශනය කරවීමෙහි ලා නියැලීමෙන් ද, කිසිදු පරමාර්ථයක් ඉටු නො වේ. ඒ අනුව, සරල – සන්සුන් – ප්‍රසන්න – බැතිමත් අවස්ථා දනවන චිත්‍ර හා ඡායාරූප සියලූ කල්හි සිතෙහි යහපත් බව ඇති කරවන අතර, දරුණු අරමුණු පහ කරවයි. කවර ලෙසකින් කරන කටයුත්තකට වුව ද, ආගමික නැඹුරුව වැඩි අගයක් එක් කරයි. ඒ හෙයින්, —ජාතික හා ආගමික සංහිඳියාව ඔස්සේ ජාතික ඒකාබද්ධතාව අත්පත් කර ගැනීමෙහි ලා ඡායාරූපකරණයක ප්‍රවේශය˜ අද දිනට ඉතා හොඳින් ගැළැපේ. කරුණු එ සේ හෙයින්, මෙම ප්‍රයන්තය මුළු මනින් ම සාර්ථක වේ වා යි මම ඉත සිතින් පතමි.

ෂීක් ඒ. සි. අගාර් මොහොමඩ් (නලීම්)
නියෝජ්‍ය සභාපති, සමස්ත ලංකා (ජමියතුල් උලමා)