ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා

“ශ්‍රද්ධා”යන්නෙහි තේරුම සියලූ ආගම්වල හරය ලෙස මිනිස් ජිවිතයට පරිභාහිර ද්‍රව්‍යමය බලවේගයක් හෝ පැවැත්මක් එම ආගම් බිහි වූ සංස්කෘතික රාමුව තුළ සොයා ගෙන, ඒ හා සම්බන්ධවීම ය.

කිතුණුදහමේදී ඉංග්‍රිසි බසින් “Faith” යනුවෙන් විග්‍රහ කෙරෙනුයේද, බුදුදහමේ ශ්‍රද්ධා නැතහොත් සැදැහිබව යනුවෙන් හැඳින්වෙන සංකල්පයම හින්දු ආගමේ භක්ති ලෙස විග්‍රහවන්නේ ය. විවිධ ආගම් අදහන ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ එම සියලුම ආගම් වල පොදු ගුණාකාරය ලෙස ශ්‍රද්ධාව හැඳින්විය හැකි ය.

සියලූ ආගම්වලට පොදුවන යම් දෙයක් ඇද්ද එය උලුප්පා සමාජය තුළ මතුකර ගැනීම තුළින් විවිධ ආගම් අදහන ජනතාවන් අතර බැඳීමක් ඇති කළ හැකි ය. මිනිසා තම පැවැත්ම අනෙකුත් බාහිර ජීවින්ගෙන් වෙන්කර අවබෝධ කරගත් දා සිට මනුෂ්‍ය පැවැත්මට ඔබ්ඛෙන් ගමන් කරන විශේෂ බලවේගයක හෝ පැවැත්මකට එල්බ ගැනීමට වැර දැරීය. එසේ සම්බන්ධවීම විවිධ වකවානු වල විවිධ සංස්කෘතීන් තුළ මිනිසුන්ට ආවෙිනික වු ඒ ඒ සභ්‍යත්ව තුලින් ඉස්මතු විය.

ඒ නිසාම අද විවිධ හරපද්ධතීන් කරා සමාජයන් යොමු වී ඇත. විවිධ ආගම් බිහිවී ඇත. ශ්‍රද්ධාව, එම නිසා මා දකින්නේ ආගම් හා බැඳුණු චාරිත්‍ර, එයටම ආවෙිනික වු වාග්විලාසයන් හා භාෂාවන් ඉක්මවායන සංසිද්ධියක් ලෙස ය.

සෑම ආගකම ආගමික භක්තිඅභ්‍යාස තුළ ගැඹුරින් නිරූපණය වන ශ්‍රද්ධාව (Faith, භක්ති), ආගමික භේදයකින් තොරව කැමරාකරණයේ යෙදෙන ශිල්පීන්ගේ ප්‍රතිභාව හා එක්වූ කල සකල මිනිස් වර්ගයාගේ ජීවිතපත්ලේ සැඟව ඇති පරිණතභාවය මනාව ඔප් නැංවෙනු ඇත.

– ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා
අධ්‍යක‍්ෂ,
අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය